Posts

තව ස්වල්ප වේලාවකින් මහනුවර හා බදුල්ල බලා පිටත් වේ....

Image
මේ පාර අපේ කෝච්චියෙ ලිපිය ලිව්වෙ අපේ ෆැකල්ටියෙ සිසුන් සඳහා වෙන් වුණ බ්ලොග් පිටුවේ ආදි විද්‍යාර්ථියෙකු වශයෙන්. Re-blog කලාව හඳුන්වා දුන් අපේ ගයන්ත සමරදිවාකර මිත්‍රයාට ස්තුති කරමින් :P මමත් ඔන්න මගේ ලිපිය re-blog කරනවා. මෙන්න ලින්කුව ගිහින් කියවන්න....

තව ස්වල්ප වේලාවකින් මහනුවර හා බදුල්ල බලා පිටත් වේ....

ශ්‍රී ලංකාවේ දුම්රිය බිංගෙවල්

Dr David Hyatt මහතාගේ Railways of Sri Lanka පොතෙන් උපුටාගෙන මෙට්‍රික් ක්‍රමයට පරිවර්තනය කරන ලදී.
අංකයකොළඹ සිට දුර (කිලෝමීටර)දිග (මීටර)152.40177.091A52.40121.92286.9889.31387.3726.21487.87120.09591.57219.765A94.35415.75697.3031.70797.4740.54899.4274.079101.13319.749A102.21189.5910102.8617.6811103.4225.9112150.63132.2813150.8898.4514175.28559.3115185.92205.7416190.65112.1717202.8485.9518225.89321.2619226.4538.1020227.46263.3521229.4783.5222231.48130.4523231.93136.2524232.2167.0625233.8279.8626234.0220.7327234.1060.0528234.32103.6329234.50188.0630234.7460.3531234.90150.2732235.2785.9533235.8751.8234236.39131.0635236.5990.2236240.3164.6237251.7619.5138254.5294.1839260.2373.4640272.9690.5341274.2594.4942277.77126.1943290.5165.84වෙරළබඩ මාර්ගය117.2858.22මාතලේ මාර්ගය121.1251.21

Tunnels

Image
Sorry for writing in English, will translate to Sinhala later.
Number of tunnels on railway track in Sri Lanka,
Main Line 45 (with 5A and 9A)Coastal Line 1Matale Line 1
Leading in lengths,
SingimaleNo. 14 (1835ft) @175.27 kmMiyangalla No. 5A (1364ft) @94.34 kmPattipolaNo.18 (1054ft) @225.89 kmBalanaNo.9 (1049ft) @ 101.13 km

ඩීසල් බොමින් කොළඹ දුවන යකඩ යකාගේ කතාව

Image
කෝ බලන්න කීදෙනෙක් ඉන්නවද කියල කෝච්චියෙ ගිහිල්ල නැති? මම හිතන්නෙ අඩුම තරමෙ විනෝද චාරිකාවට හරි ජීවිතේ එක පාරක්වත් කෝච්චියෙ ගිහින් ඇති මේක කියවන හැම කෙනෙක්ම... ඔය කෝච්චියෙ ගියපු අය ටිකකට කල්පනා කරල බැලුවද මේ සද්දන්ත වාහනේ වැඩ කරන්නෙ කොහොමද කියල.
මේ හැමෝම දන්නව ඇතිනෙ සාමාන්‍ය මෝටර් රථයක් වැඩ කරන්නෙ කොහොමද කියල. කෝච්චියෙ එන්ජිමත් ඒ වගේමයි. හැබැයි ඒ බලසැපයුම් එන්ජිමෙන් නිපදවන බලය රෝද වලට ලබාදෙන්නෙ ටිකක් වෙනස් විදිහකට. කෝච්චිය සුළු පටු බරක් තියෙන වාහනයක් නෙවෙයි නෙ. ඒ කියන්නෙ ලොකු අවස්ථිතියක් තියෙන මහ විසාල යකඩ ගොඩක්. ඉතිං කෙලින්ම එන්ජිමෙන් ඇක්සලවලට බලය දුන්නොත් මොන වගේ දෙයක් වෙයිද?

ඒ අවසානය අවසානයක්ම නොවීය.... ඈ යළිත් පැමිණියාය...

Image
Vancouverගේ දුක්බර අවසානය වෙනුවෙන් මම එදා ලියූ ලිපිය ලියන විට තැබූ සුබ ප්‍රාර්ථනාවන් නොසිතූ අයුරකින් සැබෑ වෙමින් ඇය යළිත් නැඟී සිටියාය. ඒ රත්මලාන කර්මාන්තශාලාවේ හා දෙමටගොඩ ධාවනාගාර නිලධාරීන්ගේ අප්‍රතිහත ධෛර්ය නිසාමය. තවත් ඉදිරියට යාමට මත්තෙන් පළමු කොටම ඔවුනට ස්තුතිවන්ත වී සිටිය යුතුය.

ඉතින්... මේ පෝස්ටුව ලිවීමට කල් ගතවුණා වැඩිද කියාත් සිතෙන නමුත් සියල්ල සිදුවී අවසාන වන තුරු සිටීමට සිදුවූයේ ඒ තරමටම කැනේඩියන් එන්ජින් වලට මේ දිනවල සිදුකෙරෙනා කෙනෙහිලි කම් නිසා මෙය යථාර්ථයක් නොවී අත්හැර දැමේවි යැයි සිතේ තිබුණු බිය නිසාවෙනි.

කෙසේ නමුදු යළි ඈ පැමිණියාය. ඈ... ආදරණිය වෑන්කූවර්...


උඩරට යන අලුත් පවර්සෙට් එක, Class S12 - හොඳද? නරකද?

Image
මෙහි ඇති තාක්ෂණික කරුණු හැර අනෙක් අදහස් සම්පූර්ණයෙන්ම මාගේ පුද්ගලික අදහස් බව කරුණාවෙන් සලකන්න.

මම ළගදි ආයෙත් උඩරට පැත්තෙ චාරිකාවක් ගියා කෝච්චියෙන්. දෙමෝදරින් බැහැල මිනි හයික් එකකුත් ගිහින් ආපහු කොළඹට ආව පොඩි මැණිකෙ අලුත් Class S12 පවර්සෙට් එකේ. මගේ හැඟීම නං පිට පෙනුම හැරෙන්න වෙනත් විශේෂයෙන් කිව හැකි වැරැද්දක් නෑ දැනට. දෙපසින්ම අශ්වබල 2000 බැගින් වන එන්ජින් දෙකක් යොදා ඇති නිසා හොඳ වේගයක් හා කඳු නැඟීමේ හැකියාවක් තිබෙනව. පළමු පන්තියේ මැදිරියක්, දෙවෙනි පන්තියේ මැදිරි තුනක්, තුන්වන පන්තියේ මැදිරි තුනක් හා තුන්වන පන්තියේ ආසන සහිත භොජන රථයක් වශයෙන් මැදිරි අටක් මෙහි තිබෙනවා. ඒ නිසා පෙර මෙන් අඩු මැදිරි ගණනක සිරවී තෙරපී ගමන් කිරීමට අව්‍යතාවයක් නෑ.

කල් පැවැත්ම වගේවැනි දේවල් ගැන කතා නොකර මගීන්ගෙ පැත්තෙන් විතරක් අරන් බැලුවොත් මේක ගොඩක් හොඳයි. මම තවම මේකෙ තුන්වෙනි පන්තියෙ ගමන් කරල නෑ. 1 හා 2වෙනි පන්ති මැදිරි වල ලොකු ගැටලුවක් දැක්කෙ නෑ.

අස්ස කුලප්පුව

Image
ඕන කරන අශ්වයින් ගාණ තීරණය වෙන්න කරුණු කාරණා සෑහෙන්න ප්‍රමාණයක් බලපානවා. ඉන් ප්‍රධානම දේ තමයි Tractive effort (TE) කියන්නෙ.

ඒ නිසා අපි මුලින්ම බලමු Tractive Effort කියන්නෙ මොකද්ද හා එය තීරණය වෙන්නෙ මොන සාධක උඩද කියල. ඊට පස්සෙ ජවය කියන්නෙ සුළු දෙයක්.